ශ්‍රී ලංකාවේ නව බංගලාදේශ මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නව බංගලාදේශ මහ කොමසාරිස් තාරික් මුහම්මඩ් අරිෆුල් ඉස්ලාම් මහතා (Tareq Md Ariful Isalam) අද (2021 ජූලි 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

තාරික් මුහම්මඩ් අරිෆුල් ඉස්ලාම් මහතා (Tareq Md Ariful Isalam), ශ්‍රී ලංකාවේ නව බංගලාදේශ මහ කොමසාරිස් ලෙස පත්වීමෙන් පසු නාවික හමුදාධිපති සමඟ පැවැත් වූ ප්‍රථම නිල හමුව මෙය වූ අතර, නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් වෙත නාවික හමුදාධිපති විසින් මෙම හමුවේදී සුභාශිංසන පිරිනැමීමට කටයුතු කරන ලදි. එමෙන්ම මෙම නිල හමුවේදී ශ්‍රී ලංකාවේ නව බංගලාදේශ මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති විසින් දෙරටේ නාවික හමුදාවන් අතර පවත්නා දිගුකාලීන සබඳතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් මෙන්ම ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක නිරත විය.

තවද. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු මුහම්මඩ් ෂෆියුල් බාරි ද (Md Shafiul Bari) සහභාගී වූ අතර, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.