බස්නාහිර පළාත තුල කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන සඳහා නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ වෙසෙන වයස අවුරුදු 30ට වැඩි ජනතාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අද දිනය තුලදි (2021 ජූලි 06) කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී, රාගම ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී සහ උස්වැටකෙයියාව ශාන්ත මරියා මහා විද්‍යාලයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම සිදු කෙරිණි.

තවද, හෙට දිනය (2021 ජූලි 07) තුළදී නාවික හමුදාව මඟින් එන්නත්කරණය සිදු කරනු ලබනුයේ කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී පමණක් වන අතර එම එන්නත්කරණ මධ්‍යස්ථාන මඟින් වයස අවුරුදු 30 ට වැඩි බස්නාහිර පළාත තුළ පදිංචි පුද්ගලයින් සඳහා “සයිනොෆාම්” (Sinopharm) එන්නතෙහි පළමු මාත්‍රාව මෙන්ම පළමු මාත්‍රාව ලබා ගත් ජනතාව වෙත එහි දෙවන මාත්‍රාව ද ලබා ගැනීමේ හැකියාව පවතී.