ජාතික රණවිරු සැමරුම් උළෙල අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී

2021 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (2021 මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

19 May 2021

නාවික හමුදා රණවිරුවන් අනුස්මරණය කිරිම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් වැලිසරදී

දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නාවික රණවිරුවන් අනුස්මරණය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් ‍අද (මැයි 19) වැලිසර පිහිටි නාවික රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව සිදු කෙරුණි.

19 May 2021

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන සිය වසර 35කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021මැයි 19) දින විශ්‍රාම යන ලදී.                                          

19 May 2021

කැළණි ග‍ඟේ ගසාගෙන ගිය පාවෙන අප ද්‍රව්‍ය බාධකය යලි ස්ථාපිත කිරිමට නාවික හමුදා සහය

පසු ගිය දින කිහිපය පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් කැළණි ග‍ඟේ ජල මට්ටම ඉහල යාමත් සමඟ ජල පහරට හසුවී කැඩී ගිය අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ස්ථානය (water intake well) වෙත අපද්‍රව්‍ය ඇතුල්විම වැළැක්වීමට යොදා තිබූ පාවෙන ජල බාධකය (Floating Boom) නැවත යතාතත්වයට පත් කිරීමට නාවික හමුදාව 2021 මැයි මස 18 වන දින කටයුතු කරන ලදි.

19 May 2021