‍කොවිඩ් 19 ප්‍රතිකාර සඳහා සිදු කෙරෙන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නාවික හමුදාධිපතිගේ නිරීක්‍ෂණයට

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවලට සහය වෙමින් නාවික හමුදා දායකත්වයෙන් ගම්පහ, දිස්ත්‍රික්කයේ ස්ථාපනය කරනු ලබන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ වතුපිටිවල, ගම්පහ, මිනුවන්ගොඩ යන රෝහල් තුළ නාවික හමුදාව මඟින් සිදු කෙරෙන සංවර්ධන කටයුතුවල ප්‍රගතිය නිරීක්‍ෂණය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2021 මැයි 15) සහභාගී විය.

15 May 2021

කටුනායක අපනයන සැකසුම් කළාපය තුළ කොවිඩ් 19 එන්නත්කරණයට නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ කටුනායක අපනයන සැකසුම් කළාපය තුළ කොවිඩ් 19 අවදානම හමුවේ සේවාවන් සපයන කර්මාන්ත ශාලා සේවකයින් වෙත “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම නාවික හමුදාව විසින් අද (2021 මැයි 15) කටුනායක අපනයන සැකසුම් කළාපයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා එක්ව සිදු කෙරිණි.

15 May 2021