N95 මුඛ ආවරණ විෂබීජහරනය කිරීමේ යන්ත්‍රයක් කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත භාර දෙයි

නාවික හමුදාවේ තාක්‍ෂණික දායකත්වයෙන් දේශීයව නිෂ්පාදනය කරන ලද, භාවිතා කළ N95 මුඛ ආවරණ නැවත භාවිතා කිරීම සඳහා විෂබීජහරනය කිරීමේ යන්ත්‍රයක් ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකය වෙත ලබාදීම 2020 දෙසැම්බර් මස 16 වන දින දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සිදු කෙරිණි.

19 Dec 2020

නාවික හමුදා තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් ඉදි කළ තවත් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස් කරුවෙක් ලෙස සමාජ සත්කාර්යයක නිරත වන ශ්‍රී ලංකා නාවික හමුදාව, එහි තවත් එක් පියවරක් ලෙස ඉදිකරන ලද 787 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය 2020 දෙසැම්බර් මස 16 වන දින අම්පාර හුලංනුගේ දී ජනතා අයිතියට පත් කෙරිණි.

19 Dec 2020