අතිගරු ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කල උත්සව අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වේ

අනුරාධපුරය ඓතිහාසික මිහින්තලය රාජමහා විහාර පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිර‍යේ ප්‍රතිසංස්කරණ කටයුතු, අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 24 පස්වරුවේ උත්සවාකාරයෙන් ආරම්භ කරන ලද අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න සහභාගි විය.

25 Oct 2020