වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග එම ධූරයෙන් විශ්‍රාම යාමට ප්‍රථම අද (2020 සැප්තැම්බර් 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

29 Sep 2020

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නිල වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පසුගිය සැප්තැම්බර් 22 වන දින පත් වූ රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, අද (2020 සැප්තැම්බර් 29) නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නිල වශයෙන් රාජකාරි ආරම්භ කරන ලදී.

29 Sep 2020

පොපි සැමරුම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි

2020 නොවැම්බර් මස 08 වන දිනට යෙදෙන සන්නද්ධ හමුදා රණවිරු අනුස්මරණ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් සංවිධානය කරනු ලබන පොපි සැමරුමට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පොපි මලක් පැළඳවීම ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි සහ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති, මේජර් ජෙනරල් (විශ්‍රාමික) උපුල් පෙරේරා විසින් අද (2020 සැප්තැම්බර් 29) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදි.

29 Sep 2020

ශ්‍රී ලංකා නාවික නෞකා ‘තක්‍ෂිලා’ සහ ‘මහසෙන්’ ආයතනයන් සිය 13 වන සංවත්සර දිනය අභිමානයෙන් සමරයි

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘තක්‍ෂිලා’ සහ ‘මහසෙන්’ ආයතනයන්හි 2020 සැප්තැම්බර් 28 වන දිනට යෙදී තිබූ 13 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදි.

29 Sep 2020

ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට සමගාමීව නාවික හමුදාවෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක්

අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව ‘නිකසළ සයුරක් පිරිසිදු වෙරළක්’ යන තේමාව යටතේ පැවති ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට සිය දායකත්වය දක්වමින් නාවික හමුදාව විසින් දිවයින වටා වෙරළ තීරයන් රැසක පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

29 Sep 2020