හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවයට නාවික හමුදාධිපති තුමන් සහභාගී වේ.
![](../assets/images/news/event_news/front_img/202007232200.jpg)
හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය අද (2020 ජූලි 23) ශ්‍රී ලංකා යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පවත් වන ලද අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න සහභාගී වන ලදි.
23 Jul 2020
නාවික හමුදාධිපති තුමන් මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනී
![](../assets/images/news/event_news/front_img/202007230745.jpg)
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු 2020 ජුලි 22 වන දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි.
23 Jul 2020
නව නාවික හමුදාධිපති තුමන් මල්වතු පාර්ශවයේ මහානාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගනී
![](../assets/images/news/event_news/front_img/202007230730.jpg)
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු 2020 ජුලි 22 වන දින මහනුවර, මල්වතු මහා විහාරයේදී මහ නායක මාහිමිපානන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරිඳ වන නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියද සහභාගී විය.
23 Jul 2020
අභිනව නාවික හමුදාධිපති තුමන් අස්ගිරි පාර්ශවයේ මහානාහිමිපානන් බැහැදැක ආශිර්වාද ලබා ගනී.
![](../assets/images/news/event_news/front_img/202007230715.jpg)
වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 24 වන නාවික හමුදාධිපති ලෙස වැඩභාර ගැනීමෙන් පසු 2020 ජුලි 22 වන දින අස්ගිරි මහා නායක හිමියන් බැහැදැක මහනුවර, අස්ගිරි මහා විහාරයේදී ආශිර්වාද ලබා ගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියද සහභාගීවී සිටින ලදි.
23 Jul 2020