අභිනව නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් බැහැදකී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 15) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවිය.

එහිදී අතිගරු ජනාධිපතිතුමා සහ නාවික හමුදාධිපතිතුමා සුහද සාකච්ඡාවක නිරත වූ අතර, ජනාධිපතිතුමන් විසින් අභිනව නාවික හමුදාධිපති වෙත සිය සුභාසිංශන එක් කරන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් සමඟ පැවැති පළමු නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ජනාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රධානය කරන ලදි.