කපිතාන් සංජීව පෙරේරා ශ්‍රීලංනානෞ සයුරළ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් සංජීව පෙරේරා 2020 ජුලි 10 වන දින වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරනු ලැබූ කොමදෝරු කාංචන බානගොඩ විසින් කොළඹ වාරය පරිශ්‍රයේදී නිල වශයෙන් අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා බටහිර ප්‍රදේශභාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු බන්දුල සේනාරත්න සහභාගී වූ අතර, නව අණදෙන නිලධාරීගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.