ලියාපදිංචි නොකල ධීවර යාත්‍රාවක් (වල්ලම්) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 21 වන දින මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ලියාපදිංචි නොකල ධීවර යාත්‍රාවක් (වල්ලම්) භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

22 Jun 2020

මඩකලපු කළපුවේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුනි 21 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මුර සංචාරයකදී කොටුවමඩ ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් 03ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

22 Jun 2020

නාවික හමුදා වැටලීම් මගින් තහනම් මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාව 2020 ජූලි 21වන දින තලේයිමන්නාරම සහ පේසාලේ යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදී තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

22 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 785ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 21 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

22 Jun 2020