වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 03ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 13 වන දින ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයෙහි බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 03 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

15 Jun 2020

කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 05ක් පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 05 දෙනෙකු 2020 ජුනි මස 14 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

15 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 712ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 14 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

15 Jun 2020