කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනෙක් (04) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 415ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනෙක් (04) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 01 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

02 Jun 2020

බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 08 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 08 දෙනෙකු 2020 ජුනි මස 01 සහ 02 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

02 Jun 2020

නාවික හමුදා සහයෙන් තහනම් මත්පෙති ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු (01) අත්අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලීසිය එක්ව 2020 ජුනි මස 01 වන දින ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී තහනම් මත්පෙති සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

02 Jun 2020

නාවික හමුදා සහයෙන් දේශිය ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි මස 01 වන දින සියඹලාණ්ඩුව අම්පාර පුදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී දේශිය ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

02 Jun 2020