කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 08ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 411ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 08ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 31 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

01 Jun 2020

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 14 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු අද (2020 ජුනි 01) එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

01 Jun 2020

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජලශ්වා නෞකාව’ (INS Jalashwa) කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජලශ්වා නෞකාව’ (INS Jalashwa) ශ්‍රී ලංකාවේ රැදී සිටින ඉන්දියානු ජාතිකයින් 700ක පිරිසක් එරටට රැගෙන යාම සඳහා අද (2020 ජුනි 01) උදෑසන කොළඹ වරායට ‍සේන්දු වූ අතර රාජ්‍යතාත්ත්‍රික මට්ටමින් සිදුවන මෙම කාර්යය සඳහා නාවික හමුදාව සහාය ලබා දෙන ලදි.

01 Jun 2020

නාවික හමුදාවේ සහයෙන් බෝර 12 වර්ගයේ ගිණි අවියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මැයි මස 31 වන දින සිලාවතුර, මරිච්චුකට්ටි ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී බෝර 12 වර්ගයේ ගිණි අවියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගන්නා ලදි.

01 Jun 2020

වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2020 මැයි මස 30 වන දින දකුණු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලදී.

01 Jun 2020