බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 08 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 08 දෙනෙකු අද (2020 මැයි 31) එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

31 May 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 403ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 30 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

31 May 2020

කෝකිලායි ප්‍රදේශයේ තිබූ පුද්ගල නාශක බෝම්බයක් නාවික හමුදාව විසින් නිෂ්ක්‍රීය කරයි.

නාවික හමුදාව විසින් 2020 මැයි මස 30 වන දින කෝකිලායි ප්‍රදේශයේ තිබූ පුද්ගල නාශක බෝම්බයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර පසුව අදාල බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කරන ලදි.

31 May 2020

නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 07 දෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි මස 30 වන දින ත්‍රිකුණාමලය, බෝල්ඩර් පොයින්ට් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

31 May 2020