‘සමුදුර’ නෞකාව වෙතින් ආපදාවට පත් ධීවර යාත්‍රාවන් වෙත තවදුරටත් අවශ්‍ය ඉන්ධන ලබා දෙයි

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ සහයෙන් මේ වන විට ගොඩබිම වෙත ළගාවෙමින් පවතින අතර, එම යාත්‍රා සඳහා අවශ්‍ය ආහාර, ජලය, වෛද්‍යාධාර සහ ඉන්ධන ලබා දීම තවදුරටත් සමුදුර නෞකාව මගින් සිදු කරමින් සිටී.

25 May 2020

ඩිංගි යාත්‍රාවක තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි මස 24 වන දින කෝකිලායි, තුඩුව වෙරළ තීරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී වෙරළේ නවතා තිබූ ඩිංගි යාත්‍රාවක තිබී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා තහනම් දැලක් (01) සොයා ගැනීමට සමත් විය.

25 May 2020

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 14 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු අද (2020 මැයි 25) වන දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

25 May 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 20ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 313ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 20දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 24 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

25 May 2020