මියන්මාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය සඳහා නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත විෂයන් තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය රුපියල් ලක්‍ෂ 3 ½ ක (රු.350000.00) පමණ වටිනාකමින් යුත් සෞඛ්‍යාරක්‍ෂිත විෂයන් තොගයක් මියන්මාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් නාවික හමුදාව වෙත ලබා දීම සිදු කරන ලදි.

24 May 2020

නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි මස 23 වන දින ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන්, නෝර්වේ දූපතට නිරිත දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

24 May 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 293ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 23 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

24 May 2020