නාවික හමුදා සහයෙන් අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මැයි මස 21 වන දින කල්පිටිය, නරිකුඩා ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට සමත්වීය.

මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් තුරන් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරනු ලබන අතර, ඒ අනුව වයඹ නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් කල්පිටි‍ය පොලීසිය හා එක්ව 2020 මැයි මස 21 වන දින කල්පිටිය, නරිකුඩා ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැක සහිත පුද්ගලයින් දෙදෙනෙකු නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 200 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්වී ඇති අතර, පසුව එම පුද්ගලයින් දෙදෙනා (02) අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් කල්පිටිය ප්‍රදේශයේම පදිංචි කරුවන් බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන් සහ ඔවුන් සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කලපිටිය පොලීසිය විසින් සිදු කරනු ලබයි.