නොගැඹුරු මුහුදේ ඉදිකල අට්ටාලයක තිබී කිමිදුම් උපකරණ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි මස 06 වන දින වලෙයිපාඩු ප්‍රදේශයට ඔබ්බෙන්වූ වූ මුහුදු තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නොගැඹූරු මුහුදේ ඉදිකල අට්ටාලයක බලපත්‍ර නොමැතිව ගබඩා කර තිබූ කිමිදුම් උපකරණ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක මුර සංචාරයන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව නාවික හමුදා උතුරු මැද නාවික විධානයට අයත් මුර යාත්‍රාවන් මගින් 2020 මැයි 06 වන දින වලෙයිපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කල මුර සංචාරයකදී එම ප්‍රදේශයේ නොගැඹුරු මුහුදේ ඉදිකර තිබූ සැක සහිත අට්ටාලයක් පරීක්‍ෂා කිරීමේදී බලපත්‍ර නොමැතිව එහි ගබඩා කර තිබූ ඔක්සිජන් සිලින්ඩර 15ක්, රෙගියුලේටර් 03ක්, කිමිදුම් සඳහා යොදා ගන්නා උපැස් යුවලක් (01), කඩුවක් (01) සහ තවත් කිමිදුම් උපකරණ කිහිපයක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව අදාල අට්ටාලයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) සහ අදාල කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 19 සහ 43 යන වයසේ පසුවන වලෙයිපාඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින් සහ අට්ටාලයේ තිබී සොයාගත් කඩුව හා අනෙකුත් කිමිදුම් උපකරණ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ජේපුරම් පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.