නාවික හමුදා සහයෙන් දේශිය ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 05 වන දින තණමල්විල නගරයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී ත්‍රිරෝද රථයකින් දේශිය ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

රට තුල පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ වුවද ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට සෘජු දායකත්වය ලබා දෙමින් නිරන්තර මෙහෙයුම් කටයුතු දියත් කරමින් සිටිනු ලබන අතර, එහි තවත් එක් මෙහෙයුමක් අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව තණමල්විල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 මැයි 05 වන දින සිදු කරන ලදි. එහිදී තණමල්විල නගරයේදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී එහි ගමන් ගත් පුද්ගලයා සතුව තිබී දේශීය ගංජා ග්‍රෑම් 675ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව අදාල පුද්ගලයා, දේශීය ගංජා ප්‍රමාණය සහ ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදංචිකරුවකු බවට හදුනා ගෙන ඇති අතර, අදාල සැකකරු, දේශිය ගංජා ප්‍රමාණය සහ ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු සඳහා තණමල්විල පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.