සීදූව, ‘සන්හිල්’ හෝටලය නාවික හමුදා පුද්ගලයින් සඳහා නවාතැන් ගැනීමට නාවික හමුදාව වෙත ලබා දෙයි.

සීදූව ප්‍රදේශයේ පිහිටි සන්හිල් සමූහ ව්‍යාපාරයට (Sunhill Group of Companies Pvt Ltd) අයත් කාමර 23 කින් සමන්විත ‘සන්හිල්’ හෝටලය නාවික හමුදා පුද්ගලයින් හට නවාතැන් පහසුකම් ලබා ගැනීම සඳහා නිලවශයෙන් භාරදීම අද (2020 මැයි 02) සිදු කරන ලදි.

ගෝලීය වසංගත තත්වයක් ලෙස කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුලද ව්‍යාප්ත වීමත් සමග රටේ සංචාරක කර්මාන්තය සහ ඒ ආශ්‍රිත සේවාවන් මුළුමනින්ම අඩපණ වී ඇත. එවන් වතාවරණයක් යටතේ පුද්ගල දුරස්ථ භාවය ආරක්‍ෂා කර ගනිමින් නවාතැන් පහසුකම් සැලසීම සඳහා නාවික හමුදාව ගෙනයන වැඩපිළිවෙලට දායක වෙමින් සන්හිල් සමූහ ව්‍යාපාරයේ (Sunhill Group of Companies Pvt Ltd) සභාපති සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා විසින් ගත් තීරණයකට අනුව, කාමර 23 කින් සමන්විත සීදූව ප්‍රදේශයේ පිහිටි ‘සන්හිල්’ හෝටලය නාවික හමුදාව වෙත තාවකාලිකව නිළ වශයෙන් භාරදීම අද (2020 මැයි 02) නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා නියෝජනය කරමින් නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් රැසක් මෙන්ම සන්හිල් සමූහ ව්‍යාපාරයේ (Sunhill Group of Companies Pvt Ltd) සභාපති ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.

නාවික හමුදාව වෙනුවෙන් මෙම හෝටලය ලබා දීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන විසින් සන්හිල් සමූහ ව්‍යාපාරයේ සභාපති ඇතුළු කාර්ය මණ්ඩලය වෙත සිය කෘතඥතාවය පල කර සිටින ලද අතර, රට තුළ ඇති වී තිබෙන මෙම හදිසි ව්‍යසනකාරී තත්වය සාමාන්‍ය අතට පත් වූ පසු නැවතත් මෙම හෝටලයේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කිරීම සඳහා එම සමාගමට භාර දීමට නියමිතව ඇත.