නාවික හමුදාව සහ පොලිසිය සිදු කල ඒකාබද්ධ ‍මෙහෙයුමක් මගින් කේරළ ගංජා සමඟ පුද්ගලයන් පස්දෙනෙකු (05) අත් අඩංගුවට,

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මැයි 01 වන දින ත්‍රිකුණාමලය, තෝපූර් සෙල්වනගර් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සමග පුද්ගලයින් පස්දෙනෙක් (05) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

රටේ පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ වුවද මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික කර්තව්‍යයට උරදෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරය හරහා මෙරටට රැගෙන ඒමට උත්සහ කළ මත්ද්‍රව්‍ය මෙන්ම රට අභ්‍යන්තරය තුළ හුවමාරු වන මත්ද්‍රව්‍ය වැටලීමේ සාර්ථක මෙහෙයුම් දියත් කරමින් සිටී. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මූතූර් පොලිසිය හා එක්ව සිදුකල සෝදිසි මෙහෙයුමකදී විකිණීම සඳහා රැගෙන යමින් තිබූ කේරළ ගංජා ග්‍රෑම් 8.1ක් සමඟ පුද්ගලයින් 05 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 21 ත් 36ත් අතර පසුවන ත්‍රිකුණාමලය, තෝපූර්, කාවන්තිස්ස පුර, සේරුවිල සහ කොළඹ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව අනාවරණය කරගත් අතර, අත්අඩංගුවට ගත් එම සැකකරුවන් සහ කේරළ ගංජා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මූතූර් පොලිසිය මගින් සිදු කරනු ලබයි.