හුදෙකලා කරන ලද වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුල නිරෝධායන ක්‍රියාවලීන් සහ කෙරෝනා වෛරසය අසාධිත පුද්ගලයින් ප්‍රථිකාර සඳහා යොමු කිරීම තවදුරටත් ක්‍රියාත්මකයි.

වැලිසර නාවික හමුදා පරිශ්‍රය තුලින් කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා පුද්ගලයින් පිරිසක් හමුවීමත් සමඟ එම කඳවුරු පරිශ්‍රය සම්පූර්ණයෙන් හුදෙකලා කිරීමට පියවර ගන්නා ලද අතර, මේ වන විට වෛරසය ආසාධිතයින් හදුනා ගැනීමටත් කදවුරු පරිශ්‍රය සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි විෂබීජ හරණය කිරීමටත් නාවික හමුදාව පියවර ගනිමින් සිටී.

26 Apr 2020

නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 25 වන දින මුලන්කාවිල් ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

26 Apr 2020

මී උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා මහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු අභාවප්‍රාප්ත වෙයි.

මී උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා මහ රෝහලෙහි දැඩිසත්කාර ‍ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු 2020 අප්‍රේල් 25 වන දින අභාවප්‍රාප්ත විය.

26 Apr 2020