නීති විරෝධී මත්පැන් නිශ්පාදනය සහ අලෙවිකිරීම හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 22 වන දින පුත්තලම, සෙතපොළ ප්‍රදේශයේ සිදු කල ජංගම මුර සංචාරයකදී සහ 2020 අප්‍රේල් 22 සහ 23 යන දිනයන්හි වෙන්නප්පුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සොදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මත්පැන් නිශ්පාදනය සහ අලෙවි කිරීම සිදු කල ස්ථාන තුනක් (03) වටලා එහි තිබී නීති විරෝධී දේශීය මත්පැන් සහ එම මත්පැන් නිශ්පාදනය සඳහා භාවිතා කරන ගෝඩා සහ තවත් උපකරණ තොගයක් සමග පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

23 Apr 2020

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 21 සහ 22 යන දිනයන්හි ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය, මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව, කොළඹ ජාතික රෝහල සහ කොළඹ ප්‍රදේශයේ බැංකු පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

23 Apr 2020

ගංජා කිලෝග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 22 වන දින යාපනය, වෙත්තලකේනි, කඩෙයිකාඩු දකුණු වෙරළ තීරයේදී මුහුදේ සිට ගොඩබිමට ඩිංගි යාත්‍රාවක් මගින් ගෙන ඒමට උත්සාහ කල ගංජා කිලෝග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

23 Apr 2020