නාවික හමුදාව විසින් පවත්වනු ලබන තවත් සංගීත සැදෑවක් ගම්පහ ප්‍රදේශයේදී.

කොළඹ ප්‍රදේශයේ පවතින ඇඳිරිනීති වාතාවරණය යටතේ මහල් නිවාසයන්හි ජීවත් වන ජනතාවගේ ඒකාකාරී ස්වාභාවය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මා‍ලාවේ තවත් වැඩසටහනක් 2020 අප්‍රේල් 21 වන දින ගම්පහ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල ඇඳිරිනීති තත්වය හේතුවෙන් නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසයන්හි ජීවත් වන ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ඒකාකාරී ස්වාභාවය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා පවත්වන ලද මෙම සංගීත වැඩසටහන 2020 අප්‍රේල් 21 වන දින ගම්පහ මිරිස්වත්ත මහල් නිවාස සංකීර්ණය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

මෙම සංගීත වැඩසටහන මගින් ප්‍රදේශයේ ජනතාව වෙත ඉහළ රසාස්වාදයක් ලබා දීමට කටයුතු කරන ලද අතර, මෙහිදී වෛරසයෙන් වැලකී සිටීම සඳහා පිළිපැදිය යුතු මූලික සෞඛ්‍ය උපදෙස් සම්බන්ධයෙන්ද තවදුරටත් එම ජනතාව දැනුවත් කිරීම සිදු කරන ලදි.