මුහුදේ එළා තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 19 වන දින ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර මුහුදේ එළා තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

20 Apr 2020

නාවික හමුදාව පවත්වන ලද තවත් සංගීත වැඩසටහන් කොට්ටාව සහ පනාගොඩ ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි.

නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ පවතින ඇඳරි නීති වාතාවරණය මත මහල් නිවාසයන්හි ජීවත් වන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මා‍ලාවේ තවත් වැඩසටහනක් 2020 අප්‍රේල් 19 වන දින කොට්ටාව සහ පනාගොඩ ප්‍රදේශයේ මහල් නිවාස කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි.

20 Apr 2020

නාවික හමුදාව සහ පොලිසිය සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකින් කේරළ ගංජා සහ හෙරෝයින් සමඟ පුද්ගලයන් සිවි දෙනෙක් (04) අත් අඩංගුවට.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 19 වන දින තලෙයිමන්නාරම ජැටියේ සිදු කල සොදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සහ ‍හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් සිව් දෙ‍නෙක් (04) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

20 Apr 2020

නාවික හමුදාව නිර්මාණය කල තවත් විෂබීජහරණකුටියක් ගිණිකොන නාවික විධාන මූලස්ථානයේ ස්ථාපිත කෙරේ.

නාවික හමුදාව විසින් නිර්මාණය කරන ලද තවත් විෂබීජ හරණ කුටියක් (01) 2020 අප්‍රේල් 19 වන දින ගිණිකොන නාවික විධාන මූලස්ථාන ප්‍රධාන දොරටුවෙහි ස්ථාපිත කරන ලදි.

20 Apr 2020