කැළණි ග‍ඟේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදාව බේරා ගනී.

පෑලියගොඩ නව කැළණි පාලම අසල කැළණි ග‍‍ඟේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට නාවික හමුදාව 2020 අප්‍රේල් 18 වන දින කටයුතු කරන ලදි.

කාකතිවු දූපතෙහි ස්ථාපිත නාවික අණුකණ්ඩයෙහි නාවික පුද්ගලයින් පිරිසක් කැළණි ග‍‍ඟේ මුර සංචාරයක් ක්‍රියාත්මක කරමින් සිටන අවස්ථාවක පෑලියගොඩ නව කැළණි පාලම අසල ප්‍රදේශයේ පුද්ගලයෙකු දියේ ගිලෙමින් සිටින ආකාරය නිරීක්‍ෂණය කර ඇති අතර, පසුව වහාම ක්‍රියාත්මක වූ නාවික පුද්ගලයින් විසින් දියේ ගිලෙමින් සිටි එම පුද්ගලයා නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.

මෙලෙස බේරාගත් පුද්ගලයා කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයෙකු බව හදුනාගෙන ඇති අතර, පසුව එම පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ ජංගම මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කරන ලදි.