නාවික හමුදාව තවත් විනෝදාස්වාදාත්මක වැඩසටහනක් රාජගිරිය ප්‍රදේශයේ මහල් නිවාස කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් මස 05 වන දින සිට කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මා‍ලාවේ තවත් වැඩසටහනක් 2020 අප්‍රේල් 18 වන දින රාජගිරිය ප්‍රදේශයේ මහල් නිවාස කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් හා මග පෙන්වීම මත නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා සංගීත වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරමින් සිටින අතර, එලෙස ක්‍රියාත්මක කරන ලද තවත් එක් සංගීත වැඩසටහනක් 2020 අප්‍රේල් 18 වන දින රාජගිරිය Clearpoint Residences මහල් නිවාස සංකීර්ණය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

මෙම සංගීත වැඩසටහන මගින් එම මහල් නිවාස සංකීර්ණයේ වැසියන් හට ඉහල රසාස්වාදයක් ලබා දීමට කටයුතු කරන ලද අතර, මෙහිදී වෛරසයෙන් වැලකී සිටීම සඳහා පිළිපැදිය යුතු වෛද්‍ය උපදෙස් පිළිබඳවද තවදුරටත් එම ජනතාව දැනුවත් කිරීම සිදු කරන ලදි.