නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 06 වන දින සහ 07 වන දින කරෙයිතිව් ප්‍රදේශය සහ කොළඹ, විශ්‍රාම වැටුප් දෙපාර්ථමේන්තුව යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

07 Apr 2020

නාවික හමුදාව බොල්ගොඩ සහ බෙන්තර ‍ග‍ඟේ මුර සංචාර තර කෙරේ.

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයෙන් සහ දර්ගා නගරය යන ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙකු හමුවීමෙන් පසුව එම ප්‍රදේශයන්හි ජනතාව ස්වයං නිරෝදායනයකට ලක් කර එම ප්‍රදේශයන්ගෙන් පිටවීම තහනම් කර තිබියදී බොල්ගොඩ සහ බෙන්තර ගංඟාවන් හරහා එම ප්‍රදේශයන්හි ජනතාව වෙනත් ගම්මාන වලට ගමන්කිරීම වැළැක්වීම සඳහා බොල්ගොඩ සහ බෙන්තර ගංඟාවන්හි නාවික හමුදා මුර සංචාරයක් 2020 අප්‍රේල් 06 වන දින සිට ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලදි.

07 Apr 2020

ස්වයං නිරෝධායනය වන වැලිසර, ඇලපිටිවල මහල් නිවාස වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා 2020 අප්‍රේල් මස 05 සිට සංගීත වැඩසටහන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

07 Apr 2020

නාවික හමුදා රෝහල් වෙතින් දීර්ඝ කාලීනව ප්‍රථිකාර ලබන්නන්ගේ මාසික ඖෂධ සිය නිවෙස්වලට ලබාදීමේ වැඩසටහනක් නාවික හමුදාව ක්‍රියාත්මක කරයි.

නාවික හමුදා රෝහල් මඟින් ප්‍රතිකාර ලබාගන්නා විශ්‍රාමික සහ දැනට සේවයේ නියුතු නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ මාසික ප්‍රථිකාර ලබාගැනීම රටේ දැනට පවතින තත්වය හේතුවෙන් අඩාල වී ඇති පසුබිමක එම පුද්ගලයින් පත්ව ඇති අසීරුතාවය සැළකිල්ලට ගනිමින් ගාල්ල හා මාතර දිස්ත්‍රික්‍ක කේන්ද්‍ර කර ගනිමින් ඖෂධ ඔවුන්ගේ නිවෙස්වලට ගෙනගොස් ලබාදීමේ වැඩසටහනක් 2020 අප්‍රේල් මස 06 වන දින ක්‍රියාත්මක කරන ලදි.

07 Apr 2020

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් ගාලු මුවදොර වෙරළ තීරයේදී කැස්බෑ පැටවුන් 13 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ගාලුමුවදොර වෙරළ තීරයේදී සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් එළියට පැමිණි තවත් කැස්බෑ පැටවුන් 13 දෙනෙකු සාගරයට මුදා හැරීම 2020 අප්‍රේල් 06 වන දින සිදු කරන ලදි.

07 Apr 2020