ස්වයං නිරෝධායනය වන වැලිසර, ඇලපිටිවල මහල් නිවාස වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා 2020 අප්‍රේල් මස 05 සිට සංගීත වැඩසටහන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් හා මග පෙන්වීම මත සිදු කරනු ලබන මෙම වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් 2020 අප්‍රේල් 06 වන දින වැලිසර ඇලපිටිවල මහල් නිවාස සංකීර්ණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

තවද, මෙහිදී වෛරසයෙන් වැලකී සිටීම සඳහා පිළිපැදිය යුතු වෛද්‍ය උපදෙස් පිළිබඳව තවදුරටත් එම ජනතාව දැනුවත් කිරීම සිදු කළ අතර, ඉදිරියේදීද මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.