බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන කටයුතු අවසන් කල තවත් කණ්ඩායමක් ඉන් පිටව යයි.

නාවික හමුදාව බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් කණ්ඩායමක් අද (2020 අප්‍රේල් 06) ඉන් පිටත්ව යන ලදි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් අද (2020 අප්‍රේල් 06) ඉන් පිටත්ව යන ලදි. ඒ අනුව නිරෝධායන කටයුතු අවසන් කර පිටව යන පිරිස වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකය ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ අණදෙන නිලධාරී විසින් ලබා දීම සිදු කරන ලදි. මේ අවස්ථාවේදී එම නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් විසින් නාවික හමුදාව සිදු කළ මෙහෙවර අගය කරමින් ඔවුන් විසින් සකස් කරන ලද නිර්මාණ කිහිපයක් නාවික හමුදා නිලධාරීන් වෙත ලබා දීමට කටයුතු කරන ලදි.

මේ වන විට පුද්ගලයින් 22 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් මෙම මධ්‍යස්ථානය තුළ ශ්‍රී ලාංකික පුද්ගලයින් 57 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක්ම ස්ථාපනය කර ඇති නාවික හමුදාව වෛරසය රටතුල ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා රජය ගෙන යනු ලබන වැඩසටහන් මාලාවට තවදුරටත් අඛණ්ඩ දායකත්වය ලබා දෙමින් සිටී.