නාවික හමුදාව තවත් ලේ දන්දීමේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට කටයුතු කරන ලදි.

නාවික ස්ථානගත කිරීම හම්බන්තොට ආයතනය සහ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් රුධිර පාරවිලයන අංශය විසින් සංවිධානය කරන ලද තවත් ලේ දන්දීමේ වැඩසටහනක් නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් 2020 අප්‍රේල් 05 වන දින හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කරන ලදි.

නව කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ දිවයිනේ ලේ බැංකු සතු රුධිර සංචිත ප්‍රමාණවත් පරිදි පවත්වා ගැනීමේ ජාතික අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ මඟ පෙන්වීම යටතේ 2020 අප්‍රේල් 05 වන දින නාවික ස්ථානගත කිරිම හම්බන්තොට ආයතනයේ නාවික පුද්ගලයින් විසින් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේදී මෙම ලේ දන්දීමේ වැඩසටහන දෙවන වරටත් සංවිධානය කරන ලදි. මෙහිදී මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීම වෙනුවෙන් දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විශාල පිරිසක් ඉතා උනන්දුවෙන් සිය දායකත්වය ලබා දීමට එක් වී සිටින ලදි

මෙම කාර්යය සාර්ථකව සිදු කිරීමට හම්බන්තොට රොහලේ රුධිර පාරවිලයන අංශයේ කාර්ය්‍ය මණ්ඩලය සිය පුර්ණ දායකත්වය ලබා දුන් අතර, ඉදිරියේදීද රටේ පවතින ජාතික අවශ්‍යතාවයන් වටහා ගනිමින් තම දායකත්වය උපරිමයෙන් ලබා දීම සඳහා නාවික හමුදාව සූදානමින් සිටී.