නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ කළුබෝවිල ශික්‍ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත විෂබීජ හරණ කුටි ලබා දෙයි.

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද විෂබීජ හරණ කුටි 2020 අප්‍රේල් 02 වන දින කළුබෝවිල ශික්‍ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත ලබා දීම සිදු කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිර්මාණය කරන ලද විෂබීජ හරණය සිදු කල හැකි කුටියක් කළුබෝවිල ශික්‍ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත ලබා දීම 2020 අප්‍රේල් 02 වන දින සිදු කරන ලදි. විශේෂයෙන් දෛනිකව ප්‍රථිකාර ලබා ගැනීම සදහා මහජනතාව විශාල ප්‍රමාණයක් මෙම රෝහල් වෙත පැමිණෙන අතර එම මහජනතාවගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව උදෙසා මෙම විෂබීජ හරණ කුටි ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදි.

තවද, නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ මෙම විෂබීජ හරණ කුටි නිශ්පාදනය කිරීමට නාවික හමුදාව විසින් මේ වන විට වැඩකටයුතු ආරම්භ කර ඇති අතර, දැනට විෂබීජ හරණ කුටි 09ක් නිශ්පාදනය කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත. ඉන් එක් (01) කුටියක් නාවික හමුදා මූලස්ථාන ප්‍රධාන දොරටුවේ ස්ථාපනය කිරීමට පසුගිය දිනෙක කටයුතු කරන ලදි.