නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් කිහිපයක් 2020 මාර්තු 30 වන දින සිට 2020 අප්‍රේල් 01 වන දින දක්වා ගුවන් විදුලි සංස්ථාව, රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල, ගාල්ල දිස්ත්‍රීක් මහ ලේකම් කාර්යාලය, මහ බැංකුව සහ මීගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් 2020 මාර්තු 30 වන දින සිට 2020 අප්‍රේල් 01 වන දින දක්වා ගුවන් විදුලි සංස්ථාව රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල, ගාල්ල දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලය, මහ බැංකුව සහ මීගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි. එහිදී එම ආයතනවල සියළුම ස්ථාන ආවරණය වන පරිදි ක්‍රමවත්ව විෂබීජහරණය සිදු කිරීමට කටයුතු කරන ලද අතර රජය විසින් අවධානම් කළාපයක් ලෙස නම් කර ඇති කොළඹ දිස්ත්‍රික්කය තුල වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීම මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කය තුළද වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

තවද, ඉදිරියේදීද වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.