හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද (2020 අප්‍රේල් 01) කල්පිටිය, මන්දල්කුඩා ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 40 ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

කොරෝනා ව්‍යසනය රට තුළ පාලනය සඳහා නිරන්තර දායකත්වය දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව රට තුල සිදුවන නීතී විරෝධී ක්‍රියාවන් මර්ධනය කිරීම සඳහා සිදු කරනු ලබන මෙහෙයුම් කටයුතුද අඛණ්ඩව සිදු කරමින් සිටී. ඒ අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් අද (2020 අප්‍රේල් 01) කල්පිටිය, මන්දල්කුඩා ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී සැක කටයුතු නිවසක් නිරික්‍ෂණය කර වැඩිදුර පරික්‍ෂාවට ලක් කිරීමේදී අලෙවි කිරීම සඳහා සූදානම් කරමින් තිබූ හෙරෝයින් මිලිග්‍රෑම් 40 ක ප්‍රමාණයක් සමග සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුගේ වයස අවුරුදු 33 ක් වන බවට වැඩිදුරටත් අනාවරණය කර ගත් අතර, එම සැකකරු සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කල්පිටිය, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.