නාවික හමුදාව කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨ රෝහල සහ කළු‍බෝවිල ශික්‍ෂණ රෝහලෙහි විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 24) කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨ රෝහල සහ කළුබෝවිල ශික්‍ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

24 Mar 2020

මන්නාරම ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට

මන්නාරම ප්‍රදේශයේදී අද (2020 මාර්තු මස 24) සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් තිදෙනෙක් (03 ) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

24 Mar 2020

නාවික හමුදාව නිකවැරටිය සහ මහව ප්‍රදේශයන්හි විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නිකවැරටිය සහ මහව යන ප්‍රදේශයන්හි මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 මාර්තු 23 වන දින ක්‍රියාත්මක කරන ලදි.

24 Mar 2020

උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු මැද නාවික විධානය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් එම නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් 2020 මාර්තු 23 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේදී පැවැත්වීමට කටයුතු කරන ලදි.

24 Mar 2020

කොළඹ ජාතික රෝහලේ සහ රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයන් නාවික හමුදා දායත්වයෙන් අළුත්වැඩියා කෙරේ.

කොළඹ ජාතික රෝහලේ සහ රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි දැඩිසත්කාර ඒකකයන්හි අළුත්වැඩියා කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදා දායකත්වයෙන් 2020 මාර්තු 22 සහ 23 වන දින සිට ආරම්භ කරන ලදි.

24 Mar 2020

නාවික හමුදාව යාපනය ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ නිවාස කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා යාපනය අර්ධද්වීපයේ චුන්නාක්කම් ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ නිවාස කේන්ද්‍ර කර ගනිමින් විසබීජහරණ වැඩසටහනක් 2020 මාර්තු 23 වන දින ක්‍රියාත්මක කරන ලදි.

24 Mar 2020