කොමාණ්ඩර් මනුසංක හේවාවසම් ශ්‍රී ලංනානෞ ‘ජයසාගර’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් මනුසංක හේවාවසම් අද (2020 මාර්තු 20) වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් ජානක හෙට්ටිආරච්චි විසින් නව අණදෙන නිලධාරී කොමාණ්ඩර් මනුසංක හේවාවසම් වෙත නිල වශයෙන් නෞකාවේ අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කරන ලද අතර, එය කන්කසන්තුරය වරාය අංක 01 ජැටිය පරිශ්‍රයේදී සිදු කිරීමට කටයුතු කරන ලදි.