11 වන ආරක්‍ෂක සේවා ක්‍රිඩා උළෙලේ ඔරු පැදීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්විය.

11 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ හය (06) වන වරට පවත්වන ලද ඔරු පැදීමේ තරඟාවලිය (Rowing Championship) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද අතර එම තරඟාවලිය 2020 පෙබරවාරි 28 වන දින සිට මාර්තු 02 වන දින දක්වා පුරා දින 03ක් දියවන්නා ජල ක්‍රීඩා මධ්‍යස්ථානයේදී (Water Sport Centre) පැවැත්විය.

02 Mar 2020

නාවික හමුදාව උතුරු මුහුදේ සිදුකල මුර සංචාරයකදී කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් 281 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 02) දින යාපනය, නගර්කොවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කළ මුර සංචාරයකදී මුහුදේ පාවෙමින් තිබූ තෙත සහිත කේරළ ගංජා කිලෝග්‍රෑම් 281 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගන්නා ලදි.

02 Mar 2020

කෝටි 600 කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට

පොලී‍ස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද බුද්ධිමය තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් යොදවා ගැඹුරු මුහුදේ විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබීය. මෙම මෙහෙයුම සදහා ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් වන ශ්‍රී ලංනානෞ සමුදුර සහ ශ්‍රී ලංනානෞ සයුරල යන නෞකාවන් මසකට ආසන්න දීර්ඝ මෙහෙයුමක යොදවන ලදි. මෙහිදී ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු සීමාවේ හෙරෝයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ. 75 ට ආසන්න ප්‍රමාණයකුත් අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ 66 කට ආසන්න ප්‍රමාණයකුත් ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රි ලාංකික ධිවර යාත්‍රා දෙකක් සහ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සිදුවිය.

02 Mar 2020

ලේ දන්දීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාවේ දායකත්වය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස ලේ දන්දීමේ වැඩසටහනක් සඳහා දායකත්වය ලබා දීම 2020 මාර්තු 01 වන දින මන්නාරම රෝහලේදී සිදු කරන ලදි.

02 Mar 2020

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලසිය එක්ව 2020 මාර්තු 01 වන දින කින්නියා, කුරයියාඩි ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගන්නා ලදි.

02 Mar 2020

මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 01 වන දින ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා බාරයට ගෙන ඇත.

02 Mar 2020

කේරල ගංජා සමග දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිසිය එක්ව අද (2020 මාර්තු 02) කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගන්නා ලදි.

02 Mar 2020

ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා නාවික හමුදා සූදානම

ශ්‍රී ලාංකීය සහ ඉන්දීය කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීමේ කටයුතු නාවික හමුදාව මේ වන විට යුහුසුළුව සිදු කරමින් පවති.

02 Mar 2020

‘නීල හරිත’ ව්‍යාපෘතිය යටතේ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් රැසක්

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක නීල ‘හරිත ව්‍යාපෘතිය’ යටතේ සිදු කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ අධීක්‍ෂණය යටතේ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් 2020 පෙබරවාරි මස 29 වන දින ක්‍රියාමක කරන ලදි.

02 Mar 2020

නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 01 වන දින ඉරනතිව් ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

02 Mar 2020