සැම්බියානු යුද්ධ හමුදාධිපති නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණි සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ ඇතුළු නිලධාරීන් පිරිස අද (2020 පෙබරවාරි 24) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ, නාවික සම්ප්‍රදායානුකූලව සම්මානමුරයක් මගින් පිළිගන්නා ලදි. මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු නිලධාරීන් පිරිස ද්වීපාර්ශවික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද කථාබහක නිරතවූ අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.