ශ්‍රී ලංකා චීන තානාපති කාර්යයාලයේ නව ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක

ශ්‍රී ලංකා චීන තානාපති කාර්යයාලයේ නව ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් අද (2020 පෙබරවාරි 21) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදි. එසේම මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කිරීමට කටයුතු කරන ලද අතර, ඔහු ආරක්‍ෂක උපදේශක වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව නැගෙනහිර නාවික විධාන වෙත පැමිණි පළමු අවස්ථාව ලෙසද මෙය සනිටුහන් විය.