කේරළ ගංජා ලග තබාගෙන සිටි තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

2020 පෙබරවාරි 16 වන දින නාවික හමුදාව සහ පොලිසිය එක්ව වව්නියාව, කළුකුන්නම්මාඩු ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 160 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගන්නා ලදි.

නාවික හමුදාව සහ මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 පෙබරවාරි 16 වන දින වව්නියාව, කළුකුන්නම්මාඩු ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී මාර්ගයේ ගමන්ගත් සැකකටයුතු පුද්ගලයින් තිදෙනෙක් (03) නිරීක්‍ෂණය කර ඇති අතර, සැකකරුවන් පිළිබඳ වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී සූක්‍ෂම ලෙස ඔවුන් සන්තකයේ සගවා රැගෙන යමින් සිටි කේරළ ගංජා ග්‍රෑම් 160 ක ප්‍රමාණයක් සොයා ගන්නා ලදි. ඒ අනුව අදාල සැකකරුවන් තිදෙනා (03) සහ කේරළ ගංජා ග්‍රෑම් 160 ක ප්‍රමාණය අත්අඩංගුවට ගන්නා ලද අතර, සැකකරුවන් වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට වැඩිදුරටත් තහවුරුවී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් තිදෙනා (03) සහ කේරළ ගංජා ග්‍රෑම් 160 ක ප්‍රමාණය පිළිබද වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා ඉරට්ටපෙරියකුලම් පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි. තවද, මේ ආකරයට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සාගරය හරහා රට තුළට රැගෙන ඒමට උත්සහ දරණ නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ රට අභ්‍යන්තරයේ සිදු වන නීති විරෝධී මත් ද්‍රව්‍ය ජාවාරම් රැසක් සහ එම ජාවාරම්හි නිරත වන ජාවාරම්කරුවන්ද සමග නීතියේ රැහැනට හසුකර දීමට සමත් වී ඇත.