දේශීයව නිශ්පාදිත ගිනි අවියක් නාවික හමුදාව විසින් සොයා‍ගැනේ

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 16)යාපනය, පලච්චිවේලි ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී දේශියව නිශ්පාදිත ගිනි අවියක් සොයා ගන්නා ලදි.

ඒ අනුව, යාපනය, පලච්චවේලි අයියනාත් කෝවිල්අඩි ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ලද මෙහෙයුමකදී පදුරක් අසළ සූක්‍ෂම ලෙස සඟවා තිබූ දේශීයව නිශ්පාදනය කරන ලද කුඩා ප්‍රමානයේ මෙම ගිනි අවිය සොයා ගන්නා ලදි. තවද, මෙම ගිනි අවිය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදාව විසින් සිදු කරනු ලබයි.