නාවික හමුදාව මඩකලපුව කන්නන්කුඩා කළපු ප්‍රදේශයෙන් තහනම් දැල් 09 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 15 වන දින මඩකලපුව කන්නන්කුඩා කළපු ප්‍රදේශයෙදී තහනම් දැල් නවයක් (09) නාවික හමුදා බාරයට ගන්නා ලදි.

ශ්‍රී ලංකාව වටා වූ සාගර කලාපයේ මත්ස්‍ය සම්පත සහ සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි තවත් එක් දිගුවක් අද මඩකලපුව කන්නන්කුඩා කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන ලදි. එහිදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට එලා තිබූ තහනම් දැල් නවයක් (09) නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කරන ලදි.

අදාල තහනම් දැල් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.