බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන් (David Ashman) සහ නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන් (David Ashman) නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති ‍රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ අතර හමුවක් අද (2020 පෙබරවාරි 15) සිදු විය.

නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේ සංචාරයක නියුතු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන් (David Ashman) ඇතුළු නිළධාරීන් පිරිසක් නැගෙනහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවීම සඳහා අද (2020 පෙබරවාරි 15) විධාන මූලස්ථානය වෙත පැමිනෙන ලදි. එහිදී නැගෙනහිර නාවික විධාන ආඥාපති මෙරිල් වික්‍රමසිංහ විසින් මෙම නිලධාරී පිරිස උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමග සුහද පිළිසඳරක නිරත විය. එහිදී, ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ජා කරන ලදි.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ ප්‍රදානයක් සිදු කරන ලද අතර, අනතුරුව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන් (David Ashman) විසින් සමරු සටහනක් තැබීමටද කටයුතු කරන ලදි.