නීති විරෝධී ලෙස ලඟ තබා ගත් මුහුදු කූඩැල්ලන් තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 පෙබරවාරි 05) මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී ජීවී මුහුදු කූඩැල්ලන් තුන්සිය පනහක් (350) සමඟ පුද්ගලන් දෙදෙනෙක් (02) ක් නාවික හමුදා බාරයට ගන්නා ලදි.

නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නිරන්තර අවධානයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, අද (2020 පෙබරවාරි 05) මන්නාරම සවුත්බාර් වෙරළ තීරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් 350 ක පමණ ප්‍රමාණයක් ලග තබාගෙන සිටි සැකකරුවන්‍ දෙදෙනෙක් (02) සමග ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, ඔක්සිජන් සිලින්ඩර් අටක් (08) සහ තවත් ධීවර උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි. මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා අවුරුදු 26 සහ 36 වන වියෙහි පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට වැඩිදුරටත් තහවුරු කරගෙන ඇත.

ඒ අනුව, අදාල සැකකරුවන් දෙදෙනා (02), ජිවී මුහුදු කූඩැල්ලන් 350 ක ප්‍රමා‍ණය, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, ඔක්සිජන් සිලින්ඩර් අට (08) අනෙකුත් ධීවර උපකරණ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.