රුසියානු සමූහාණ්ඩුවේ යුද්ධ හමුදා සේනාවිධායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (Oleg Salyukov) සහ නාවික හමුදාධිපතිතුමන් අතර හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන රුසියානු සමූහාණ්ඩුවේ ‍ යුද්ධ හමුදා සේනාවිධායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (Oleg Salyukov) අද (2020 පෙබරවාරි 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් මගින් නාවික හමුදා මූලස්ථානයේදී ජෙනරාල්වරයා පිළිගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපති තුමා විසින් ඔහු සමග සුහද පිළිසඳරක නිරත විය. එහිදී, ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ජා කරන ලදි.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ රුසියානු ජනරජයේ ‍යුද්ධ හමුදා සේනාවිධායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (Oleg Salyukov) අතර සමරු තිළිණ ප්‍රදානයක් සිදු කරන ලද අතර, අනතුරුව සමූහ ඡායා රූපයකට පෙනී සිටින ලදි.