උප්පාරු ප්‍රදේශයේදී නීති විරෝධී පොළව අභ්‍යත්තරය ස්කෑන් කරනු ලබන යන්ත්‍රයක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව 2020 පෙබරවාරි 03 වන දින කින්නියා උප්පාරු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමක් අතරතුර නීති විරෝධී ලෙස පොළව අභ්‍යන්තරය ස්කෑන් කරනු ලබන යන්ත්‍රයක් සමග සැක කරුවන් අට දෙනෙක් (08) නාවික හමුදා බාරයට ගැනීමට සමත්විය.

නීති විරෝධී ක්‍රියාවන් වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින පුරා සිදු කරන අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් අතරතුර 2020 පෙබරවාරි මස 03 වන දින කින්නියා උප්පාරු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමක දී සැක කටයුතු පුද්ගලයින් පිරිසක් පරීක්‍ෂා කර ඇති අතර, එහිදී ඔවුන් සතුව තිබී පොළව අභ්‍යන්තරය ස්කෑන් කරනු ලබන ස්කෑන් යන්ත්‍රයක් නාවික හමුදාව විසින් සොයා ගැනීමට සමත්වී ඇත. මෙහිදී අදාල ස්කෑන් යන්ත්‍රය, සැකකරුවන් අට දෙනෙක් (08), මෝටර් රථ දෙකක් (02), ජංගම දුරකථන අටක් (08) නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත. මෙම සැකකරුවන් වයස අවුරුදු 31ත් 57ත් අතර වයස්වල පසුවන බෙලිඅත්ත, හිරමඩගම, රත්නපුර, මැණික්හින්න, වැලිපැන්න, මාවතගම, කන්තලේ, සහ පොල්ගොල්ල යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවට හදුනාගෙන ඇත.

නාවික හමුදා බාරයට ගන්නා ලද පොළව අභ්‍යන්තරය ස්කෑන් කරනු ලබන ස්කෑන් යන්ත්‍රය, සැකකරුවන්, මෝටර් රථ සහ ජංගම දුරකථන සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු සිදු කිරීම සඳහා කින්නියා පොලිස් ස්ථානය වෙත බාරදීමට කටයුතු කරන ලදි.