නාවික හමුදාව විසින් ගතවූ පැය 36 ක කාලය තුළ උතුරු මුහුදේ සිදු කල මෙහෙයුම් මගින් පමණක් ටොන් භාගයකට අධික කේරළ ගංජා ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

ගත වූ පැය 36 ක කාලය තුළදී සිදුකරන ලද මෙහෙයුම් මගින් උතුරු මුහුදු ප්‍රදේශයේදී පමණක් කේරළ ගංජා ටොන් භාගයකට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්වී ඇත.

ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් උතුරු මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලද සාර්ථක මෙහෙයුම් මගින් මෙසේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 590 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව ගතවූ පැය 36 ක කාලය තුළ යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 191 ක ප්‍රමාණයක්, යාපනය, මයිලඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 99 ක ප්‍රමාණයක් සහ යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් වී ඇත.

තවද, ජාවාරම්කරුවන් විසින් මෙම කේරළ ගංජා මෙරටට ගෙන ඒමට උත්සහ කලද නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් හේතුවෙන් මෙම ජාවාරම් මැඩපැවැත්වීමට හැකියාව ලැබී ඇති අතර, ඒ අනුව මෙම වර්ශය තුළදී පමණක් සැකකරුවන් හතලිස් තුන්දෙනෙකු ද (43) නීතියේ රැහැනට හසු කර දීමට නාවික හමුදාව සමත් වී ඇත.