අභිමානවත් 72 වන නිදහස් දිනය සමරන‘රටවැට බැදි රන්වැට’ ශ්‍රී ලංකා නාවික හමුදාව

72 වන අභිමානවත් නිදහස් දිනය සමරනු ලබන ශ්‍රීලංකා නාවික හමුදාව ගාලු මුවදොර පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති සංදර්ශණ මාලාව 2020 පෙබරවාරි 04 වන දින පස්වරු 0200 සිට පැවැත්වීමට සියඵ කටයුතු සූදානම් කර ඇත.

තවද එදින ගාලු මුවදොර පිටියට ඔබ්බෙන් වූ මුහුදේ නැංගුරම් ලා ඇති නාවික හමුදාව සතු අධිතාක්‍ෂණ ගැඹුරු මුහුද නිරීක්‍ෂණ නෞකාවන්, නාවික වේග ප්‍රහාරක යාත්‍රා මගින් සිදු කරනු ලබන සංදර්ශණ, අංගම් පොර සංදර්ශණ සහ අනෙකුත් බොහෝ නාවික සුරුවිරුකම් සියැසින් දැක ගැනීමට මහජනතාවට මෙහිදී අවස්ථාව සලසා ඇත‍

මෙහිදී නාවික හමුදාව හා අත්වැල් බැදගනිමින් විරෝධාර නාවික විරුවකු වීමට කැමති අභිමානවත් ශ්‍රී ලාංකික තාරුණ්‍යටද නාවික හමුදාව අවස්ථාව ලබා දී ඇත‍