කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජනවාරි 31 වන දින පලුගහතුරෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 4 ග්‍රෑම් 200 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්විය.

නාවික හමුදාව 2020 ජනවාරි 31 වන දින පලුගහතුරෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අතහැර දමා තිබූ සැක සහිත පාර්සලයක් නිරීක්‍ෂණය කර ඇති අතර, එම පාර්සලය වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී ඒ තුල තිබී කේරළ ගංජා කිලෝ 4 ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. පසුව එම කේරළ ගංජා ප්‍රමාණය නාවික හමුදා භාරයට ගන්නා ලද අතර නාවික හමුදාව මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් සිදු කිරීම හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය ජාවාරම් කරුවන් විසින් මෙලෙස අතහැර දමා යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

එසේම, නාවික හමුදා භාරයට ගත් කිලෝ 4 ග්‍රෑම් 200 ක පමණ ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා වනාතවිල්ලුව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.